සුප්‍රකට ගලකට ප්‍රසිද්ධ ප්‍රධාන නගරයක අලුත්ම ව්‍යායාම මධ්‍යස්ථානයක් හැදුවා. ඒක කළේ පළාතෙ මහ නගර සභාව මගින්ලු... නගරෙ වැසියන්ට හොඳ විධිමත් ව්‍යායාම මධ්‍යස්ථානයක් ඕනෑ කියලා පළාත්වාසීන්ගෙන් ලැබුණු ඉල්ලීම අනුවයි නවීනතම ව්‍යායාම උපකරණ සවි කරලා මේක හදලා, ළඟදි විවෘත කළේ...
ඒත් අනේ.. මේ ළඟදි ව්‍යායාම මධ්‍යස්ථානෙ පාලනය කරන නගර සභාවට පළාතටම වසන්තය උදා කරන්න ආපු එක්තරා ප්‍රබලයකුගෙන් නියෝගයක් ආවා. ඒ නියෝගයෙන් කියැවුණේ උන්නැහේ ඒ ව්‍යායාම මධ්‍යස්ථානෙ ව්‍යායාම කරන්න එනවා... ඒ නිසා එයා එතනට එන වෙලාවට අනෙක් අයට එන්න බැරිවෙන්න මධ්‍යස්ථානය වහන්න කියලලු...
හැමදාම සවස පහත් හයත් අතර පැයක කාලය මෙහෙම වහලා තියන්න ඕන බවත් බලවතාගෙ නියෝගයේ සඳහන් වුණාලු..
මේ නියෝගය කළ තැනැත්තා පළාතෙ ප්‍රබලම චරිතය නිසා නගරයට අධිපතිටත් මධ්‍යස්ථානෙ වහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණෙ නැතිලු...
කොහොම නමුත් මේ සිද්ධිය තදටම හිතට වැදුණු පළාතෙ ප්‍රබලම දේශපාලනඥයො සහ ඉහළම රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ බලවතා කරපු වැඩේ ගැන අද හෙටම රටේ මහ කන්තෝරැවෙ ලොකු තැනට පැමිණිලි කරන්න සූදානම් කියලත් අපට ආරංචියි.