සීනුවේ කට්ටිය දැන් වෙනම පාරක යන නිසාත් එයාලා සමාජවාදයට වඩා දැන් ලිබරල්වාදයට ළං වෙමින් ඉන්න නිසාත් එයාලට විරුද්ධව එයාලගෙම කීප දෙනෙක් නැගිටින්නලු හදන්නේ.
ඒ අය එයාලගේ පක්ෂ නිර්මාතෘගෙ කාලේ ඉඳලා සාමාජිකයෝ නිසා ඒ අය අලුත් සිනුවට විරුද්ධව හිටපු නායකයගේ පුතාව නායකයා කරලා වැඩක් පටන් ගන්නලු යන්නේ. ඒ වැඩේ ගැන දැනටමත් අභ්‍යන්තරයෙන් කතාවෙමින් තියෙනවලු.
අලුතෙන් පක්ෂයක් හරහා එළියට ගේන්න යන මේ පුත්රයව ඉදිරියේ සීනුවේ බාරකාරයා කරන්නත් මේ අය ප්ලෑන් කරනවලු. පුදුමේ කියන්නේ ඒ කණ්ඩායම එක්ක පෙරටුවෝ ටිකත් ඉන්නවලු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා කට්ටියම දැන් බලාගෙනලු ඉන්නේ මොකද වෙන්නෙ කියල.