2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා

ලයිට් කැපිල්ලට තොප්පියක්

 2022 පෙබරවාරි 12 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 593

අපේ රටේ ලයිට් කැපිල්ල ගැන තීන්දු ගන්නෙ එක්තරා බලවත් කොමිෂන් සභාවක් මගින්.... ඒත් ඒ කොමිසමේ අනුමැතියක් නැතුව පසුගිය දවසක ලයිට් කැපුවලු....

ඉතින් කොමිසමේ කස්ටියට මේකට මල පැනල කරුණු කාරණා හොයන්න පටන්ගත්ත. අන්තිමට ඒ ගැන විදුලිබලේ කස්ටියගෙන් වග උත්තර අහල ලියුමකුත් යැව්ව...

ඒ අතරේ රටේ පවතින නීතියට පිටින් ගිහිල්ල මේ වික්‍රමය කළේ කවුද කියල නිල නොවන මට්ටමින් හොයල බලන්න පටන් ගත්ත. එතෙන්දි හෙළිදරව් වුණේ ලයිට් මණ්ඩලේ මෙම කටයුතුවලට අනුමැති දෙන සාමාන්‍ය අධිකාරි හෝ එයාගෙ දෙවැනියාගෙවත් අනුදැනුමක් නැතුව මේ කටයුත්ත සිද්ධවෙලා තිබෙන බවයි.

දේශපාලනය කරපින්නා ගත්ත එක්තරා ලයිට් ලොක්කො දෙතුන් දෙනෙක් මේක පිටිපස්සෙ ඉන්න බවත් ආරංචියි... ඒ අනුව දැන් රහසිගත විමර්ශනයක් පටන් අරන් තිබෙනවලු... ඒකෙ ප්‍රතිඵලය අනුව නීතියට පිටින් ගිහිල්ල මේ වැඩේ කරපු අයට තොප්පිය වැටෙයි කියලයි දැනගන්න තිබෙන්නෙ.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00