මැතිසබේ අසුනක් නිසා මේ වෙද්දී ලොකු ප්‍රශ්නයක්ලු. පූජාසනයක තියන්නා වගේ එක්තරා හිමිනමක් ඒ අසුනේ ඉන්දෙව්වට ඒක මාස තුනකට විතරලු දුන්නේ. ඊට පස්සේ යන්න හිටියේ කටකාර තවත් හිමිනමක්. දැන් සියල්ල කණපිට හැරිලා මුල්ම ගිය කෙනා දෙන්නේ නෑලු. මේක ගන්න එක එක උප්පරවැට්ටි දැම්මට මේ වැඩේට නම ගෑවුණු හිමිනම කියලා ඇරියලු එයාලට පුළුවන් නම් ගන්න කියන්න කියලා.
දැන් වැඩේ ටිකක් සැර වෙලාලු තියෙන්නේ. ඒ නිසා ආයේ ඒ හිමිනමට දේශපාලනය නොකරන්න එයාලගෙම පක්ෂයේ අය සැලසුමක් හදලලු තියෙන්නේ. කිසිම පක්ෂයක් උන්වහන්සේ ආයේ ගන්නේ නැතිවෙන තැනට වැඩක් කරන්න දැන් සාකච්ඡා කරලත් ඉවරලු.
කොහොම වුණත් එයාලගේ පක්ෂයේ අය උන්වහන්සේව පක්ෂයෙනුත් අයින් කරලා නීතියට බහින්නලු හදන්නේ. සමහර හඬපටත් එක්කම. මොකකින් මොකක් වෙයිද කියලා දැන් හැමෝම බලන්ලු ඉන්නෙ.