ආණ්ඩුවේ ඉදිරිපෙළ සහ පසුපෙළ කීපදෙනෙක් මේ දිනවල වැඩිම සමාජ අවධානයක් ලක්වෙලා තියෙන ආයතන දෙකක් බාර ලොක්කෝ දෙන්නෙක් ඒ අයගේ තනතුරුවලින් පන්නන්න කියලා ආණ්ඩුවේ මහ කන්තෝරුවටත් දෙවනි කන්තෝරුවටත් ලොකු බලපෑමක් කරලලු. මෙයින් එක්කෙනෙක් පන්නන්න කියන්නේ වැඩිපුර කතාකරන නිසා. එයා ඕන එකයි එපා කියන එකයි කතා කරන හින්ද තිබෙන බලශක්ති අර්බුදය අල වෙනවා කියලා ඒ ගැන පැමිණිලි කරපු මැති ඇමැතිවරු ඉහළට දැනුම් දීලා.
තනතුරෙන් පහ කරන්නය කියන අනෙක් සභාපතිවරයාට තියෙන චෝදනාව තමයි එයාගේ වැඩ ෆේල් වෙලා ආණ්ඩුව අමාරුවේ වැටීම. එයා කිසිම දේකට කතා නොකරන කෙනෙක් හැටියට ප්රසිද්ධයි. ජනතාවගේ පිහිටෙන් පත්වෙලා ඉන්න මෙයා ජනතාවට මෙහෙම ගෑස් පෙන්නන එක ගැන හැමෝම ඉන්නේ නොසතුටෙන්ලු.
මුලින් කිව්ව වැඩිපුර කතා කරන ලොක්කා මහජනතාවට ලොකූ උපයෝගීතාවයක් සහිත වැඩක් භාර කෙනෙක්ලු. දෙවැනියට කිව්ව කෙනා තමන් දරපු තනතුරෙන් පන්නපුවම පොඩි ජිමික් එකක් දාලා ආයේ තනතුරට ඇවිත් රටටම ගෑස් පෙන්නන කෙනෙක්.