2022 අප්‍රේල් 03 වන ඉරිදා

එන්නලු

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 910

පක්ෂ 11 ටීම් එකේ කිහිප දෙනෙක් මේ වෙද්දී ආණ්ඩුවේ ලොකු ලොකු චරිත එක්ක එක එක නොම්මරවලින් එක එක කතාලු. ඉතින් එහෙම කතා කරන අය අතර උඩින්ම ඇමතුම මේ දවස්වල වදින්නේ පොහොට්ටු පාටියේ ලොකු අය එක්ක ඉතාම ළඟින්ම හිටිය මීගමුවේ පැත්තේ කෙනෙක්ට. මෙයා ළඟදී පට්ටම එපා කියලා ගෙදර ගිය කෙනෙක්ලු.

එයාට ඇමතුමක් දුන්න සැණින් වැඩේට හා කිව්වලු. එයත් කැමැති කිව්වලු අලුත් වැඩේට. ඒ නිසා එයාට කොයි වෙලේ හරි පීල්ල මාරැ කරයි කියලා බලන් ඉන්නේ. ඒ අතර මෙයාට දුරකථන පාටියේ එක එක කණ්ඩායම්වලිනුත් ඇමතුම් ඇවිල්ලා. හැබැයි කිව්වේ මොනවද දන්නේ නෑ. කට්ටිය කියන්නෙ කොළඹ හෝටල් වටේ දවසට රවුමක් දැම්මොත් මෙයාව හම්බවෙන්න ගොඩක් අය තැන් තැන්වල ඉන්නවා කියලා. කොහොම වුණත් ලොකු පවුලට ළඟ මෙයා මේ හදිසියේ ගත්ත තීරණේ රටේ දෙවැනි තැනටත් ප්‍රශ්නයක්ලු.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00