දියවන්නා කවුන්සිලේ දෙවැනි පුටුව පසුගියදා හිස්වුණා... ඒ පුටුවෙ මෙච්චරකල් වාඩිවෙලා හිටියෙ අත පාටියෙන් පත්වුණ සබරගමුවේ මහත්තයෙක්.
කොහොම නමුත් පසුගියදා අත පාටියෙ කස්ටියයි, පොහොට්ටුවෙ හවුල්කාර පක්ෂ කස්ටියයි අතර පැවැති හමුවකදී මේ තනතුර හිමි අත පාටියට හින්ද මෙතෙක් ඒ තනතුර දැරු කෙනාටම තවදුරටත් එතන වාඩිවෙලා ඉන්න කියල ආරාධනා කළා...
ඒත් උන්නැහේ නෙවෙයි ඒ ආරාධනාව භාරගත්තෙ. මට නම් ඔය දෙවැනි පුටුව එපෝ කියලමයි එයා දිගින් දිගටම කියාගෙන ගියේ. එයාට මේක එපා කියලම කියන්න විශේෂ හේතුවක් තියෙනවද කියල ඊළඟට අතපාටියෙ කස්ටිය සොයල බැලුවලු...
එතකොට තමයි දැනගත්තෙ උන්නැහේගෙ ආසාව කවුන්සිලේ දෙවැනි පුටුවට නෙවෙයි, කැමැති ඇමැති පුටුවකට කියල...
එයාට දෙන දේ ගන්න බැරි නම් වෙනත් ජ්‍යෙෂ්ඨ කෙනෙකුට ඒක දෙමු කියල තීන්දු වුණේ ඊට පස්සෙලු... එච්චර විතරක් නෙවෙයි පාටියෙ ඉල්ලීම දැන් භාරගන්න බැරිනම් ඉස්සරහට වෙනත් එයා කැමැති පුටුවක් නොලැබෙන්න ඉඩ තිබෙන බවටත් සංඥාවක් දුන්න කියලත් ආරංචියි... ඊට පස්සේ උන්නැහේ නැවත තීන්දු කළා හිටපු පුටුවටම ආපහු යන්න. ඒක විහිළුවක් වුණත් එයා ඒක කළා. ඕකට තවත් හේතුවක් තිබුණා. ඒ තමයි එයා නියෝජනය කරන අත පාටියෙ කට්ටියට දියවන්නා කවුන්සිලේ කන්තෝරු කාමරයක් ලබාගැනීම.