මැතිසබයේ සත්‍ය ගවේෂණයට නම් දැරූ මන්ත්‍රීතුමෙක් ඉන්නවා. උන්නැහේ පළමුවරට ගිය පාර කවුන්සිලේට ආවෙ කොළඹ දිසාවෙන්. ආණ්ඩු පක්ෂයෙන් කවුන්සිලේට පත්වෙලා ටික දවසකින් උන්නැහේට &පට්ටම් උණ* බෝ වුණා... ඒ නිසා ආණ්ඩුවෙ ඉඳගෙනම පසුගිය කාලෙ ආණ්ඩුවට දොස් පරොස් කියන්න පටන් ගත්තා.
ලස්සන දොළක් ගලා බහින වත්තක ජීවත්වන මේ කළුකෝට්ධාරී තරුණ මන්ත්‍රීතුමා පසුගියදා අලුත් අගමැතිතුමා පත්වුණාට පස්සේ අගමැති කන්තෝරුව පැත්තෙ ගියාලු... ගිහිල්ල එහේ ඉන්න ඉහළම කෙනෙක් හමුවෙලා අපූරු ඉල්ලීමක් කළා කියල ආරංචියි...
උන්නැහේ අගමැති කන්තෝරුවෙ බලධරයගෙන් ඉල්ලලා තිබෙන්නෙ කැබිනට් ඇමැතිකමක්... තමන් මැතිසබයේ සත්‍ය ගවේෂණය කරන බවත් තමන් සමඟත් තවත් මන්ත්‍රී කණ්ඩායමක් සිටින නිසා ඒ අයගෙ නායකයා හැටියට තමන්ට කැබිනට් පට්ටමක් ලැබිය යුතු බවයි උන්නැහේ කිව්වෙ...
එයා එහෙම කියලා ගියාම අගමැති කන්තෝරුවෙ අය රටේ මහ කන්තෝරුවෙ ලොකුම ලොක්කෙකුට කතාකරලා ඇහුවා අහවලා මෙහේ ඇවිත් කැබිනට් ඉල්ලනවා. එයාටත් පිරිසක් ඉන්න බවත් කියනව. මේක ඇත්තද? කියලා...
ඊටපස්සෙ ඒ ගැන පරීක්ෂා කරපු රටේ මහ කන්තෝරුවෙ අය කිව්වෙ එයාගෙ කතාව අමූලික බොරුවක් බවයි. පිරිසක් තියා ඔය මන්ත්රීවරයාත් මෙතැන ඉන්නෙ ලෝක අමාරුවෙන් කියලයි කියලා තියෙන්නේ....
ඒක අහපු අගමැති කන්තෝරුවෙ අය මහ හඬින් හිනාවුණා සත්‍ය ගවේෂණය කරපු මන්ත්‍රීගෙ ඇමැති හීනෙ බොඳවුණා.