2022 ජුනි 05 වන ඉරිදා

අලියා පණ ගැන්වීම

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 517

ඔන්න අලිපාටියේ කට්ටිය ලොකු දඩයමකට සූදානම් වෙනවලු. නිකන් නෙමෙයි එක ගලෙන් කුරුල්ලෝ දෙන්නා දෙන්නා බාන වැඩක්ලු කරන්න යන්නෙ. එයාලා හදන්නේ අලියා දාලා දුරකථන පාටියට ගිය කට්ටියට පක්ෂයේ ඉහළ තනතුරු දීලා ඇතුළට ගන්න කියලයි ආරංචි.

පළමු වෙඩිල්ල දැන් තියලා තියෙන්නේ දුරකථන පාටියෙන් ආණ්ඩුවට ආපු තරුණ දෙන්නටලු. ඒ දෙන්නට කියලලු තියෙන්නේ අනෙක් කට්ටියත් අරන් ආයේ අලියා ගොඩනගන්න. ඒ වගේ ඉදිරි නායකත්ව ඡන්ද සඳහා සූදානම් වෙන්නත් කියලා. ඔන්න දැන් මේ දවස්වල ආණ්ඩු හදන අස්සේ අලියට ලේ දෙන වැඩෙත් ජයට යනවා.