අලි පාටියෙ ලොකු මහත්තයයි පොහොට්ටු කස්ටියයි එකතුවෙලා හදාපු අලුත් ආණ්ඩුවෙ හටගන්නා ප්‍රශ්න සමතයකට පත් කරන්න දේශපාලන කපුවෙක් මැදිහත් වෙනවලු. උන්නැහේ පොහොට්ටුවෙ ජ්‍යෙෂ්ඨයෙක්ලු. මේ අලුත් දේශපාලන කපු මහත්තය අලිපාටියෙ ඉහළ තැන්වලට පොහොට්ටු කස්ටියගෙ පණිවුඩ ගෙනියනවලු... එයාලගෙ පණිවුඩ මෙහාට ගේනවලු...
පසුගිය දවස් කිහිපයේ හුඟක් බරසාර කපුකම්වල් යෙදුණු මුන්නැහේ ව්‍යවස්ථා හුටපටේ ප්‍රශ්න, ඇමැති මණ්ඩල පත් කිරීම්වල ප්‍රශ්න, විතරක් නෙවෙයි අලුත් මහබැංකු අධිපති තැන් සම්බන්ධයෙන් හටගන්නා ප්‍රශ්නවලදීත් රටේ ලොකු මහත්තයයි දෙවැනි මහත්තයයි අතර පණිවුඩ හුවමාරු කරමින් ඒ ගැටලු සමථයකට පත් කරන්න එහෙ මෙහෙ දුවනවලු.
නුවර පැත්තෙන් කවුන්සිලේට ආපු මුන්නැහේ ජ්‍යෙෂ්ඨයෙක් වුණත් මේ පාර ඇමැති පට්ටමක් නොගෙන ස්වේච්ඡාවෙන්ම කපුකමට බැහැපු අලුත් - ගමක ඉන්න ආනන්ද ජනක චරිතයක් බව ආරංචියි.