මේ දවස්වල සිවිල් සංවිධානයි අලුතෙන් හැදෙන පක්ෂ කීපයකුයි හරිම තරගයකලු ඉන්නේ. මේ රටේ එක්තරා සුප්‍රකට එක්කෙනෙක් හම්බවෙන්න. ඒත් එයාව හම්බවෙන්න ක්‍රමයක් ඇත්තෙම නැතිලු. හැමතැනම හෙව්වත් එයා ඉන්නවද නැද්ද කියලවත් ආරංචියක් නැති බවයි කියවෙන්නෙ. එයාගේ නෝනා අරගල භූමියේ පහුගිය ටිකේ හිටියට දැන් එයත් පේන්න නෑලු. ඒකට හේතුව මේ කට්ටිය වටෙන් වටෙන් එළන්න යන දැල නිසා.
ලෝක පූජිත ක්‍රීඩකයෙක් වෙන මෙයා පහුගිය ටිකේ එයා සමාජ මාධ්‍යවල දාපු දේවලුත්, එයාගේ බිරිඳ අරගලයේ හිටිය නිසාත් ඊළඟ මහ පුටුව එයාට උස්සලා දෙන්නලු මේ ලෑස්තිය. එයාට මේ සඳහා ආරාධනා කරන්නේ රටම එයාට ආදරේ නිසා කියලයි ඒ අය කියන්නේ. කොහොම වුණත් එයාගේ පස්සෙන් ගියාට මුණ ගැහෙන්නවත් ඉඩක් තවම ලැබිලා නැහැ. එයාට එක එක්කෙනා අතේ පණිවිඩ යැව්වත් ඒවත් හම්බුණා කියලා කිසිම පිළිතුරක් නෑ. නමුත් මේ කට්ටිය වැඩේ තවම අත්ඇරලා නෑ. කොහොම හරි එයා මේ දැලට කොටුකර ගන්නමයි හදන්නෙ.