රටේ ඉහළම කෙනෙක්ගේ උපදෙස් මත පොහොට්ටුවේ කෙනෙක් තවත් අලුත් පක්ෂයක් හදනවලු. මේක හදන්නේ මේ හදන කෙනාගේ අනාගතය වෙනුවෙන් කියලත් කට්ටිය දන්නවලු. ඒ වුණත් රටේ උඩම කෙනා ඒ වැඩේට ඕකේ එක දුන්නේ ඊළඟ පාර ඔබතුමාව ගොඩ දාන්නේ මගේ අලුත් පක්ෂයෙන් කියලා මේ පක්ෂය හදන කෙනා පොරොන්දු වුණ නිසාය කියල තතුදත් අය කියනව.
ගම්පහ පැත්තේ ඉන්න, ලොකුම ඇමති කෙනෙක් කියලා හැමෝම කතාවෙන මෙයා ඔය පක්ෂය හදන්නේ එයාගෙ හිතේ කාලයක් තිබ්බ හීනයක් සැබෑ කරගන්නලු. රාජපක්ෂලගෙන් පස්සේ ඒ පවුලට තමයි රට අයිති කියලා හිතාගෙන ඉන්න මෙයා මේ පක්ෂය හදන්නෙ රාජපක්ෂලව ගොඩදාන්න කියන සැලසුමක් අනුව බව කීවත් සැබෑ අරමුණ කවදා හරි එයා රජ වෙන්නලු. එයාට ප්රකට ජ්යොතිෂවේදියො ගණනාවක් කියාපු රාජයෝග කතාවකුත් මේකට සම්බන්ධ බවයි ආරංචි.