ඉදිරියේ පුරප්පාඩු වෙන්න තියෙන ආණ්ඩුකාර පට්ටම් හතර වෙනුවෙන් අපේක්ෂකයො හැටහුටහමාරක් ආණ්ඩුවෙ මහ කන්තෝරුවට ඉල්ලීම් ඉදිරිපත් කරලලු....
ආණ්ඩුවෙ වැඩි බලය තිබෙන පොහොට්ටුවෙන් මේ සඳහා යෝජනා කරපු සබරගමුවෙ ජයරත්නයට ඒ පට්ටම ලැබෙන්නෙ නැති බවටත් ආරංචියක් පැතිරෙනව... ඒකට හේතුව උන්නැහේගෙ නෝන මහත්තයට කැබිනට් වාසනාව උදාවෙන නිසාලු....
ඒ අතරෙ වතුකරේ රජුන් තනන පවුලේ මෑන් කෙනෙකුත් හිටපු ඇමැති සයිස් ෆවුසි කෙනෙකුත් හිටපු ආණ්ඩුකාර උන්නැහේ කෙනෙක් වන සාලි කෙනෙකුත් සබරගමුවෙ හිටපු ඇමැති සයිස් එක්තරා නිලමෙ කෙනෙකුත් මේ ආණ්ඩුකාර පෝලිමේ ඉන්නවලු....
කොහොම හරි ආණ්ඩුවෙ ඉහළින් තීන්දු කරල තිබෙන්නෙ තමන් පදිංචි පළාතෙ කෙනෙක් ඒ පළාතෙ ආණ්ඩුකාරකමට නොදාන්නලු. නමුත් මේ පට්ටම් ඉල්ලන හුඟ දෙනෙක් තමන් ජීවත්වන පළාතෙ ආණ්ඩුකාරකමම ඉල්ලන නිසා මේ නම්වලින් කිහිපයක් කැපී යමින් තිබෙන වගත් ආරංචියි...