පොහොට්ටුවේ තරුණ හාදයෝ ටිකක් අලුත් පක්ෂයක් හදන්න ප්ලෑනක් ගහගෙනලු යන්නේ. ඒ අය තීරණය කරලා තියෙනවලු ආයේ පොහොට්ටුවට බලයක් ගන්න අමාරුයි කියලා. ඒ නිසා තරුණයොම විතරක් දාලා පටන් ගන්න මේ පක්ෂයට දැනටමත් නායකයෙක් එයාලා හිතලා ඉවරලු. ඒ ලොකු පවුලක පාර්ලිමේන්තු පුතෙක්ලු. රජ පුටුවේ ගොඩ කාලයක් වාඩිවුණු පවුලක ලොකු පුතෙක් වෙච්ච මෙයාව දාන්න යෝජනා කරලම තියෙන්නේ මේ තරුණ මන්ත්රීවරුලු.
කොහොම වුණත් මේ තරුණ නායකයා ඒ වැඩේට ආස නෑලු. එයා කියලා තියෙන්නේ සියලු පක්ෂවල කට්ටිය ගෙන්නලා එකතුවෙලා වැඩ කරන්න පුළුවන් ටීම් එකක් එක්ක එයා එකතු වෙන්න ලෑස්තියි කියලා. ඒ විතරක් නෙමෙයි ඒකෙන් ඡන්දෙත් ඉල්ලන්නම් කියලත් දන්වලා. ඊට පස්සෙ මේ ගැන හොයාගෙන යද්දී එයත් ඊළඟ පාර පොහොට්ටුව අත් අරින්න ඉන්නව කියල තොරතුරු වාර්තා වෙලාලු.