සර්වපාක්ෂික හවුලට එන්න ඉන්න අය ගොඩකගෙන් එක්කෙනෙක් මේ වෙද්දී එයාගේ ගෝලබාලයන්ට කියලා ඉවරලු එයා ගන්න අමාත්‍යංශය මොකක්ද කියලා වැඩ බාගෙට දාලා යන්න වුණ මේ පොහොට්ටු හාදයා තමන්ගේ අමාත්‍යංශයෙන් හොඳ හොඳ සෙල්ලම් කරපු කෙනෙක් බවයි ආරංචි.
රටේ මුල්ම රාජධානියේ ආසනේකට පායපු චන්ද්‍රයා වගේ ඉන්න මෙයා ඇමතිකම දැරුවේ රටේ ඉඩකඩම් ගැනලු. ඉඩකඩම් දෙනවා කියලා පොරොන්දු පිට වැඩගත්ත අයගෙ ඉල්ලීම් ඉටුකර ගන්න බැරැව මෙයා හරිම ජංජාලෙක පැටලිලා ඉන්නෙ. කොහොම වුණත් පොරොන්දු දීලා වැඩගත්ත අය අද වෙද්දී කතා කර කර අහනකොට මෑන්ස් කියනවලු ලබන මාසේ ආයෙත් රටේ ඉඩම් කඩම් ටික බාරගන්නවා. එතකොට යුතුකම් ඉටුකරන්නම් කියලා. ඒ විතරක් නෙමෙයි එයාගේ ඔෆිස්වල තවමත් දුවන්නේ ඒ ඉඩම් කඩම් තනතුරට දුන්න වාහනලු.