2022 අගෝස්තු 28 වන ඉරිදා

කට වහන්නලු

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 536

පොහොට්ටුවේ මේ දවස්වල මයික් ටයිසන්ලා වෙලා ඉන්නේ මරු දෙන්නෙක්ලු. එක්කෙනෙක් පුත්තලමේ පැත්තේ හාදයෙක්. අනිත් කෙනා බදුල්ලේ හාදයෙක්. මේ දෙන්නා එකදිගට දෙන මයික් ටෝක් නිසා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ අය කිහිප දෙනෙක් අවුලෙන්ලු ඉන්නෙ. මොකද පොහොට්ටුව ගැන හොඳ ජනතා මතයක් හදන්න නම් වහාම ඒ දෙන්නා වෙනුවට හොඳ දෙන්නෙක් ඔය කතාවලට දාන්න කියලා පොහොට්ටු ඈයෝ කියලලු.

විශේෂයෙන් පසුගිය දවසක රටේ ලොකු මහත්තය සම්බන්ධයෙන් පුත්තලමෙ එක්කෙනා අමුතු අමුතු කතා වගයක් කිව්ව එකට පොහොට්ටුවෙන් කැබිනට්ටුවට ගිය ලොකු අය කිහිප දෙනෙක් උදහසට ලක්වෙලාලු ඉන්නේ. මොකද එයා කිව්ව හැටියට වැරදි කෙනෙක් එයාලා ජනාධිපති කළේ වගේ කතාවක් හැඟවෙන නිසා වහාම මෙයා ජනාධිපති සම්බන්ධයෙන් කරන ප්‍රකාශ අකුලගන්න කියලා ඒ අය පොහොට්ටුවේ ඉහළ අයටත් දන්වලා. මේ දෙන්නා දෙන ප්‍රකාශ එක්ක වැඩි ඈතක් යන්න කලින් ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා කට්ටිය කතා වෙලාලු තියෙන්නේ.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00