2022 අගෝස්තු 28 වන ඉරිදා

තනතුරු බෙදිල්ල

 2022 අගෝස්තු 28 වන ඉරිදා, පෙ.ව. 08:00 561

දුරකථන පාටියේ කිහිප දෙනෙක් පසුගිය ටිකේ තනි තනියම රටේ ලොකු තැන හම්බවුණා කියලා පක්ෂයේ ලොකු තැනට තොරතුරු ආවලු. ඒ වගේම පක්ෂයෙන් අයින්වෙලා ආණ්ඩුවට ගිය දෙන්නෙක්ගේ කාර්යාලවලටත් සමහර අය තනි තනියෙන් ගිහින් හම්බවුණා කියලා තොරතුරු ඇවිල්ලලු තියෙන්නේ.

මේ නිසාම පක්ෂයේ ලොකු තැනත් ඒ අයව තනි තනියෙන් හම්බවෙන්න තීරණය කළා. ඒත් සමහර අය හිතාමතාම මග ඇරලලු. ඒ පක්ෂයේ වැඩ ගැන තියෙන කලකිරීම නිසා කියලයි ආරංචි වෙන්නෙ. ඒ නිසා සමහරුන්ව දුරකථනයෙන් පවා අමතනවලු. ඉතාම ලෙංගතුකමෙන් මේ දවස්වල ලොක්කා ඉන්න නිසා හැමෝටම පුදුමලු. ඒ අයට කතා කරලා දැන් එයා අමුතු පොරොන්දුවක් දෙනවලු. අර පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිකම ඔයා ගන්න.. අරක මේක කියලා. උන්නැහෙගෙ මේ තනතුරු බෙදිල්ල ගැන පක්ෂයෙ මැති ඇමැතිලා ඉන්නෙ ලොකු විචිකිච්ඡාවකලු.