2022 සැප්තැම්බර් 18 වන ඉරිදා

මඟුලක් දෙදරයි

 2022 සැප්තැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 08:00 1806

පොහොට්ටුවෙ ඉඳල ස්වාධීන මට්ටමට පත්වුණු බව ප්‍රකාශ කරපු උදවියගෙන් තවත් තුන්දෙනෙක් ඒ ස්වාධීන හවුලෙ හෙවත් නිදහස් සභාවෙන් දොට්ට බැහැල කියලයි ආරංචි.

 

මුලදි මෙතන පහළොවක් දහසයක් විතර මන්තිරි කස්ටියක් හිටියට දැන් මිණිපුරේ පැත්තෙන් එතන සැට්වෙලා හිටිය එල්ලාවල කෙනකුත් කෑගල්ලෙ මං-ජුලත් මා-තර කරුණත් දැන් ඔය එකතුවෙ නැතිලු...

ඊයෙ පෙරේදා ඔය තුන් හතරදෙනා සද්ද බද්ද නැතුවට ස්වාධීන පිලෙන් අයින්වෙච්ච බව කියැවෙනව.

එතන ඉහළ මට්ටමේ ඉන්න උදවියගෙ කියුම් කෙරැම් ගැන තිබෙන අසතුට නිසා මේ අය මෙහෙම ඉවත් වුණා කියලයි තතු දත් අයගෙන් ආරංචි වෙන්නෙ.

දැනට රටේ ලොක්කා හැටියට ඉන්න උන්නැහේට දියවන්නාවෙදි සටනක් දුන්න කණ්ඩායමේ උදවිය මේ විදියට ඉවත්වෙලා යන්නෙ කෙහාටද කියන එක නම් තවමත් පැහැදිලි නැහැ.