2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

දෙන්නෙක් අරහංලු

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 711

පොහොට්ටුව පාටියේ ඉන්න අය මේ දවස්වල දෙන්නෙක්ට විරුද්ධව අවි අමෝරගෙනලු ඉන්නේ. මේ දෙන්නම පොහොට්ටුවේ ලොක්කෝ එක්ක කාලයක් එකට හිටිය අයලු. 

මෙයාල රටේ ලොකු තැන එක්ක ඉඳිමින් පොහොට්ටුවට බාල්දි පෙරළන්න යනව කියල ඇතුළේ අය පක්ෂයේ උඩටත් කියලලු. ඒ නිසා දෙන්නගෙම ටිකට් කපන්න කියලලු යෝජනාව. දෙන්නම ගම්පහ නියෝජනය කරන අය. එක්කෙනෙක් ඒ කාලෙම ඇමැතිකම දාලා ගිය කෙනෙක්ලු. අනෙක් කෙනා තවම ඇමැතිලු. ඒ නිසා තවත් ඒ දෙන්නට පොහොට්ටුව නියෝජනය කරන්න දෙන්න බෑ කියලලු මේ රණ්ඩුව යන්නේ. කට්ටිය කතාවෙලා ඉන්නේ ඊළඟ රැස්වීමෙදි මේ දෙන්නට විරැද්ධව කතා කරනවා කියලලු.

 

 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00