2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ප්‍රශ්නයට හේතුව එයාලු!

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 557

අත පාටියේ ජ්‍යෙෂ්ඨ උත්තමයොයි, පක්ෂයෙන් අයින් කරපු අයයි සමහර තැන්වලදී හම්බවුණාම දැන් නිතර කතා කරන මාතෘකාවක් තියෙනවා. ඒ පක්ෂයට වෙන්න යන දේ ගැනලු. පක්ෂයට මෙහෙම වෙන්නේ එක්කෙනෙක් නිසා කියලයි කතාවෙලා තියෙන්නේ. ඒ පක්ෂයේ ලියන මහත්තයා ගැනලු.

ඒ නිසා දැන් මෙයාලා තීන්දු කරලලු අයින් කරපු අය බලෙන් හරි පක්ෂයේ වැඩවලට ගන්නවා කියලා. එහෙම කරලා කෝමහරි මේ ලියන මහත්තයා තල්ලු කරනවා කියලා. පක්ෂයේ දැනට ඉන්න ජ්‍යේෂ්ඨ උන්නැහලා කිව්වලු පක්ෂයේ ලොකු තැනත් එක්ක දැන් පෞද්ගලිකව කතා කරන්නවත් බෑ කියලා. ඒ හැමඑකටම අරයා එනවා කියලා. පහුගිය දවසක තිබ්බ උත්සවවලට පවා එයා ආරාධනා යවලා තියෙන්නේ එයාගේ මිත්‍රයන්ට විතරක් කියලත් මෙතන කතාව ඇදුනලු. කොහොම වුණත් අද හෙටම පක්ෂයේ ලියන මහත්තයට විරුද්ධව කැරැල්ලක් ගහන්න මේ කස්ටිය කතාවෙලා තියෙනවලු.