අලුත් ව්‍යවස්ථාව ලබන සතියේ දියවන්නා කවුන්සිලේ කතාබහට ගන්නවලු...
මේක දියවන්නාවෙ සාකච්ඡාවට ගන්න දවසෙත් ඡන්දය දිනෙත් එක්තරා මැති ඇමැති පිරිසක් කවුන්සිලේට නෑවිත් මග අරින්න යනවය කියල කතාවක් යනව...
මේකෙ වඩාත්ම අපූරු කතාව තමයි කවුන්සිලේ ආණ්ඩු පක්ෂයෙන් මේ සාකච්ඡාව සංවිධානය කරන්න ඉන්න ඇමැති සයිස් මහත්තයත් ඒ වැඩ තිබියදී හදිසියේම විදේශ ගතවීම...
උන්නැහේ මේ අල්ල පනල්ලෙ ප්‍රංශය පැත්තෙ ගියේ තමන්ගෙ පෞද්ගලික චාරිකාවකට කියලයි තතු දත් අය කියන්නෙ...
එයා ආපසු එන්න නියමිත ව්‍යවස්ථා සාකච්ඡාව හමාර වුණාටත් පස්සෙලු...
ගම්-පහකටත් වඩා ටිකක් එහා ආසනයක් නියෝජනය කරන මුන්නැහේ විදේශ ගත වුණාම ඔය ව්‍යවස්ථා වැඩේ සංවිධානය කරන්න කෙනෙක් නැතිවෙනවාලු. ඒක පොහොට්ටු කස්ටිය ව්‍යවස්ථා වැඩේ ගැන ආණ්ඩුවෙ ඉන්න අනිත් උදවියට දෙන සිග්නල් එකක් කියලයි සමහරු නම් කියන්නෙ.