ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ ඉඳල ලෝකෝත්තර වැඩ කළාය කියන නෝන මහත්තය ගැන ආරංචි එමටයි.
රටේ ඉන්න සමහර ප්‍රභූවරැ දේශපාලන භවතුන් පමණක් නෙවෙයි ආගමික නායකයොත් මේ නෝන එක්ක ගනුදෙනු කළ බවට ආරංචි පැතිර ගියා.
කොහොම හරි මෙයා එක්ක ගනුදෙනු කළ එක්තරා කටසැර ආගමික පැත්තටත් බර නායකයෙක් ලැබිය යුතු තමන්ගෙ කෝටි ගණනක සල්ලිවලට මේ නෝන පොල්ල තියනවය කියල ඉව වැටුණම හොඳටම පරලවෙලා එයා හමුවෙන්න ගියාලු...
ගිහිල්ල හොඳවැයින් දෙක තුනක් කතා කරල අත පය විතරක් නෙවෙයි තවත් නොයෙක් දේවල් පෙන්නල මෙයාට තර්ජන පාරක් දැම්මලු...
එහෙම කරල තමන්ට ලැබිය යුතු මුදල් නොදුන්නොත් දෙකෙන් එකක් කරන බවක් කිව්ව කියලයි තතු දත් අය කියන්නෙ...
කොහොම හරි මේ ලොක්කගෙ ගර්ජනවාට බය වෙච්ච ඔය නෝන ඒ වෙලාවෙ අතේ තිබුණ මුදලින් ගනුදෙනුව කම්මුතු කළා කියලයි ආරංචි.