2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

නෝනට විරෝධයක්!

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 560

පසුගියදාක රටේ ලොකු මහත්තය නැගෙනහිර පළාතෙ අං-පාර පැත්තෙ චාරිකාවකට ගියා.

ගොවි ජනතාවගේ ප්‍රශ්න වගේම ඒ පළාතෙ දියුණුව සම්බන්ධයෙන් තිබෙන ගැටලු ගැන සොයල බලල විසඳුම් දෙන්නයි උන්නැහේ නැගෙනහිරට ගියේ.

ඒ ගමනේදී පළාතේ සියලුම දේශපාලනඥයන් ආණ්ඩුවෙ නිලධාරීන් වගේ සෑම සියලු කෙනෙක්ම සහභාගි වූ ලොකු රැස්වීමක් තිබුණ.

ඒත් එතැන ලොකු අඩුපාඩුවක් තිබුණ වග කාරණා කාරණා දන්න අයට තේරුණා. ඒක හරියට මනමාලය මඟුල් ගෙදර ආවෙ නැතුව වගේ වැඩක්.

මෙතැන සිද්ධ වුණේ රටේ ලොකු මහත්තයගෙ රුස්වීමට ඒ පළාතෙ ආණ්ඩු පක්ෂයෙ නායකය සහභාගි නොවීම. ඒකයි අඩුපාඩුව. දිසාවකට නායකකම් කරනවය කියන මේ නායකය එහෙම ලොකු මහත්තයගෙ රැස්වීමට නොගියෙ උන්නැහේ ගැන හිතේ තියෙන කහටක් නිසා නෙවෙයිලු...

ලොකු මහත්තය එක්ක වේදිකාවෙ වාඩිවෙලා හිටපු පළාතෙ ලොකුම තනතුර දරන යහපත් නෝන මහත්තයට විරෝධය දැක්වීම සඳහා බවයි තතු දත් අය කියන්නෙ. ඒ නෝන මහත්තය පළාතෙ ලොකුම තනතුර දැරුවත් පළාතෙ මැති ඇමැතින්ව මායිම් නොකිරීම මේ අවුලට මුලලු.

එයා ඔය පළාතේ ලොකු පුටුවෙ ඉන්නතුරු දිසාවට නායක පොහොට්ටු ලොක්ක එයා ඉන්න කිසිම රැස්වීමකට නොයන්න දැඩි තීන්දුවක් අරන් ඉන්න නිසා මේ වර්ජනේ සිද්ධ වුණ බව කියැවෙනව.

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00