අරගලේට සල්ලි පොම්ප කළේ පිටරටවල්වලින් කියල නොයෙක් කතා ප්‍රචාර තිබුණ. මේ කතා ඉලාස්ටික් වෙලා පැතිරිලා යනකොට ඇත්තටම අරගලේ කරපු සමහර උදවියට සල්ලි දුන්නෙ කොහෙන්ද කියල පොහොට්ටු පක්ෂයේ ඉහළම පට්ටමක් දරන මහත්තයෙක් සියුම් විමර්ශනයක් කරල බැලුව.
මේ ගැන තොරතුරු සෙවිල්ලේදී සමහර ජාත්‍යන්තර බුද්ධි අංශවල ඉන්න මේ රහස් දන්න උදවියගෙනුත් උන්නැහේට උදව් පදව් ලැබුණලු. ලෝකයේ විවිධ බලවත් රටවල් සංවිධාන හා පුද්ගලයො ගැනත් තොරතුරු ලැබුණා. තනි පුද්ගලයන් හැටියට වැඩිම මුදලක් අරගලේට දුන්න අයත් කවුද කියල දැනගන්න පුළුවන් වුණාලු.
ඒ අතරෙ රටක් හැටියට වැඩිපුරම අරගලකරුවන්ට මුදල් පොම්ප කරල තිබෙන්නෙ අපි නොසිතන ආසියාතික රටකින් බවටයි උන්නැහේට තොරතුරු ලැබුණෙ.
මේ රට දැඩි රාජ්‍ය පාලනයක් තිබෙන රටක්ලු. රටේ පාලනය රතුපාට වුණාට වැඩ සිද්ධ වෙන්නෙ ඒකාධිපති ක්‍රමේටලු...
එකම නමින් තිබෙන ආසියානු රටවල් දෙකකින් උතුරෙ තියෙන රටින් අරගලේට අසීමිත ලෙස මුදල් ගැලූ බවයි කරපු විමර්ශනයේදී හෙළිවුණේ... හැබැයි කවුරුවත් ඒ රටට ප්‍රසිද්ධියෙ තවමත් ඒ ගැන කිසිම චෝදනාවක් නගල නැති එකයි පුදුමයට කාරණාව.