2022 දෙසැම්බර් 25 වන ඉරිදා

දුකට හේතුවක්

 2022 දෙසැම්බර් 25 වන ඉරිදා, පෙ.ව. 06:00 640

විපක්ෂයෙ ඉහළම නායක පට්ටමක් දරන මහත්තයෙක් මැතිසබා සේවකයන් අවුරුදු හැටෙන් පැන්ෂන් යැවීම ගැන සෑහෙන්න අවුලක ඉන්න බව ආරංචියි.

ඒකට හේතුව උන්නැහේට ඉතා හිතවත්ව වැඩකරන දෙන්නෙකුත් අවුරුදු 60 නීතියට අහුවෙලා දෙසැම්බර් අවසන් සතියෙ ගෙදර යන නිසාලු.

ඒ හින්ද කවුන්සිලේ රැස්වෙන හැම දවසකම වගේ උන්නැහේ විශේෂ කතාවක් කරමින් දියවන්නා කවුන්සිලේ සේවකයන් පෙන්ෂන් යැවීමේ වයස අවුරුදු 61 කරන්නම කියල කියනවලු...

මේක නිතරම කියන්න ගිහිල්ල දැන් ඒ කතාව තරමක විහිළුවක් බවටත් පත්වෙලා කියලයි ආරංචි...

මේ විපක්ෂ ලොක්කා කොහොම කිව්වත් පැන්ෂන් වයස වෙනස් නොකරන්න ආණ්ඩුව තීන්දු කරල ඉවරලු.