ඇමැතිකමක් නොමැතිවීමෙන් දුකට කනස්සල්ලට හා විස්සෝපයට පත්ව සිටින බස්නාහිර පළාතෙ එක්තරා දේශපාලුතුමෙක් "රොයිටර්" වැඩක් පටන් අරන් කියල ආරංචියි...
මුන්නැහේලට ඇමැතිකම් දෙන්න කියල පොහොට්ටු ලොක්කො කොපමණ රටේ ලොකු තැනට කිව්වත් ඒ වැඩේ නොකෙරෙන්නෙත් මේ වගේ කස්ටියට ඇමැතිකම් දීමෙන් රටේ ලොකු තැනට දොස් අහන්න වෙන නිසාලු...
කොහොම නමුත් මේ ඇමැතිකමේ රස දන්න රන් කඳක් වගේ ඉන්න මුන්නැහේ අලුතින්ම ඔය රොයිටර් වැඩේ පටන් ගත්තෙ හිතේ තියෙන කනස්සල්ල නිසාමලු...
ඒ අනුව මෙයා කරන්නෙ ආණ්ඩුවෙ ඉන්න ලොකු ලොකු ව්‍යාපෘති කරන මැති ඇමැතිල ගැන විපක්සයෙ ඉන්න තවත් දක්ෂ කටකාර දේශපාලනතුමකුට තොරතුරු සැපයීම හෙවත් වාර්තා කිරීමලු... මේ දවස්වල එයා තොරතුරු සපයන්නෙ බලශක්තිවලට සම්බන්ධ කාරණා ගැන කියලත් ආරංචියි...
ඒත් මෙයා ලබාදෙන තොරතුරු ලබාගන්න විපක්ෂ ලොක්ක ඒව තවදුරටත් පෙරල කියල ගන්න නිසා මෙයාගෙ රොයිටර් වැඩෙත් ඒ තරම් නැගල යන්නෙ නැතිලු.