2017 මැයි 27 වන සෙනසුරාදා

සම්මුතිය කඩන්න බැරිලු

 2017 මැයි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 333

පසුගිය කාලෙ පුරාම තමන් ඉන්න අමාත්‍යංශයෙ තමන්ට කිසිම වැඩක් කරගන්න බැහැයි කියල බරබරේ දාපු රාජ්‍ය මට්ටමේ ඇමැති සයිස් මහත්තයෙක් හිටිය.

උන්නැහේ නියෝජනේ කරන්නෙ වයඹ පැත්තෙ දුෂ්කර ආසනයක් කියලයි ආරංචි. අලුත් ඇමැති සංශෝධනේ නම නියම වුණාම උන්නැහේ අලි පාටියෙ ඉහළ තැන්වලටත් කතා කරල රටේ ලොකු මහත්තයගෙන් ඉල්ලීමක් කරන්න තීන්දු කළාලු... මේ සංශෝධනේදි තමන්ගෙ සබ්ජෙක්ට් එක මාරු කරල වෙනත් එකක් දෙන්න කියන එකයි ඉල්ලීම...

ඉතින් මේ ඉල්ලීම රටේ ලොකු මහත්තයට ඉදිරිපත් වුණාම මොකද්ද ඕන සබ්ජෙක්ට් එක කියල නිකමට වගේ ඇහුවලු. එතකොට කීවලු බදුල්ලෙන් ආපු මාධ්‍ය ප්‍රකාශක තැන දැනට දරණ එක ලැබු‍ණොත් හොඳයි කියල... ඒක ඇහුවම ලොකු මාත්තයට සෑහෙන්න කේන්ති ගියාලු.

ඊටපස්සෙ මෙහෙම කීවලු. “ඒක අත පාටියෙ. ඔයා අලි පාටියෙ... මේව බෙදල තියෙන්නෙ සම්මුතියක් අනුව. ගිහිල්ල සම්මුතියෙ මොනවද තියෙන්නෙ කියල බලාගත්තොත් හොඳයි... ඔය වගේ යෝජනා මීටපස්සෙ ගේන්න එපා...*” ලොකු මහත්තය කීව. යෝජනාව ගෙනා කෙනා හෙමින්ම යන්න ගියා.

 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00