'ගෝඨා ගෝ හෝම්' සටන් පාඨය ගැන පහුගියදා ලොකු හෙළිදරව්වක් වුණා. ඒ හිටපු රටේ ලොකු තැනගේ මිත්‍රයෙක් වගේම මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්ත පුද්ගලයෙක් විසින් තමයි මේක හෙළිදරව්ව කළේ. රාජපක්ෂ පවුලේ පුත්‍රයකු විසින් තමයි මේ සටන් පාඨය ගෙනාවේ කියලා එයා ප්‍රසිද්ධියේම කිව්වා.
කොහොම වුණත් මේ කතාවත් එක්ක එයාලගේ පවුලේ ලොකූ කලබැගෑණියක් වුණාලු මේ කතාව ගැන. මේක බරපතළ ප්‍රකාශයක් නිසා හැමෝම අවුල් වුණාලු. කොහොම වුණත් මේ කතාවෙන් කලකිරුණු රාජපක්ෂ පවුලේ එක් සාමාජිකයෙක් වුණු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කෙනෙක් රටේ හිටපු ලොකු තැන අමතලා කිව්වලු ඒක පුළුවන්නම් නිවැරදි කරන්න කියලා. මොකද ඒක ඒ අයගේ පවුලට ප්‍රශ්නයක් නිසා. කොහොම වුණත් හැමදාම පවුලේ අය කියන දේට ඇහුම්කන් දෙන හිටපු ලොකු තැන මේ ඉල්ලීම ගණන් ගත්තේ නෑලු. මොකද එයා හිතුවලු මේ ජරාජීර්ණ වෙච්ච දේශපාලනය ඇතුළේ තවදුරටත් මාතෘකාවක් වියයුතු නැහැ කියල. ඒ නිසා ඔහු මේ ගැන සද්ද නොකර ඉන්න තීරණය කළාලු.