2023 මාර්තු 05 වන ඉරිදා

ඒ දෙන්නට හිතට අමාරුයිලු

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 680

දුරකථන පාටියේ කාන්තා ගැටුම උත්සන්න වෙලාලු තියෙන්නේ. කොළඹ හිරැ මෙන් කට තියෙන කෙනයි, අලුත් අරගල නිළියයි මේ දවස්වල ස්ටේජ්වල එක දිගට නගිනවලු. මේ නිසා මාතලේ පැත්තේ කෙනෙකුයි, රත්නපුරේ පැත්තේ කෙනෙකුයි හරිම කලකිරීමෙන්ලු ඉන්නේ. හැබැයි මේ දෙන්නට කැපිල්ල වැටිලා තියෙන්නේ පාටියෙ ඉහළම නෝන කෙනෙක්ගෙන් කියලයි ආරංචිය. ලොක්කි එක්ක වැඩිය ඇඟඇලුම්කමක් අර දෙන්නා නැති නිසා දැන් එයා කරන්නේ අලුත් අලුත් කට ඇති රූ ඇති ළඳුන් ඉදිරියට දාන එකලු.

ආරංචි හැටියට මහත්තයාගේ මන්ත්‍රීවරැන්ගේ දුවලටත් ආරාධනා ලැබිලලු තියෙන්නේ වේදිකාවට ගොඩවෙන්න. එයාලත් නුදුරේදීම ගොඩවෙනවලු. මේ තත්ත්වයෙන් කළකිරිලා ඉන්න රත්නපුර කෙනාත් ඉක්මනින් පීල්ල මාරුකරයි කියලයි කියන්නේ. මාතලේ එක්කෙනා නම් ඉවසන් ඉඳලා ලොක්කට ආයුබෝවන් කියන්නලු ඉන්නේ. දෙන්නම කියන්න ඉන්නේ මැඩම් එක්ක කරගන්න කියලලු.