2023 මාර්තු 12 වන ඉරිදා

කරළියට එන්න යන සැඟවුණු අමුත්තා

 2023 මාර්තු 12 වන ඉරිදා, පෙ.ව. 06:00 577

ජනාධිපති හීන දකින කෙනෙකුගේ ප්‍රචාරක වැඩේ ටික ටික පටන් අරන්ලු දැන්. ආරක්ෂක අංශයේ ගෞරවනීය පුටුවක් අයිති මෙයා කළින් සටනට ඇවිල්ලා පැරදුණත් මේ පාර එයාට විශ්වාසයක් තියෙනවලු දිනයි කියලා. ඒ නිසා දැන් මෙයා අරගලකරුවන්ට මුවාවෙලා වැඩේ දෙන්නලු යන්නේ. ඒ වගේම යුද කාලයේ නම් ගම් කියවුණු ප්‍රබල ආරක්ෂක අංශයේ කීප දෙනෙකුත් කරළියට වඩම්මන්නලු සැලසුම.

හැබැයි එයා රටේ ලොකු පුටුවට පොර බැදුවට ආරංචිය තියෙන්නේ එයාට දැනට කවර් වෙලා ඉන්න තවත් ආරක්ෂක අංශයේ කෙනෙක් තමයි එකපාරට කරළියට එන්න යන්නේ කියලා. එයා ගේන්නේ රටම පුදුම කරවලා. ඒ කෙනාට අනුරාධපුරේ පැත්තේ දේවාලයක කෙනෙක් රාජයෝගයක් තියෙනවා කිව්ව නිසාත් ඒ යෝගය ටක්කෙටම හරියනවා කිව්ව නිසාත්ලු මේ ප්ලෑන් එක යන්නේ. අරගලේ ගෞරවය අරගෙන කරළියට එන්න යන සැඟවුණ අපේක්ෂකයා ගැන සමහර ස්වාමීන්වහන්සේලාත් කැමතිලු.

 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 ඔක්තෝබර් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00