2023 අප්‍රේල් 23 වන ඉරිදා

කලකිරිලලු

 2023 අප්‍රේල් 23 වන ඉරිදා, පෙ.ව. 06:00 757

ආණ්ඩුවෙ ඉන්න එක්තරා ඇමැති සයිස් මහත්තයෙක් කලකිරිලා ඉන්නවය කියල පොඩි කසුකුසුවක් යනව...

උන්නැහේ රටේ වැදගත් විෂයක් භාරව ඉන්න කෙනෙක්. එයා දේශපාලනේට එන්නෙ නැතුව ඉන්නකොට හිටපු නායක ගෝඨාතුමා වදෙන් පොරෙන් දේශපාලනේට කැඳවාගෙන ආපු කෙනෙක්. 

ඊටපස්සෙ උන්නැහේ දැන් මේ රජයේ සේවය කරනව... 

ඉතින් එහෙම වුණත් තමුන්ගෙ අමාත්‍යංශයෙ සමහර බලධාරින් තමන් නොදැන සමහර බරපතළ තීන්දු ගැනීම ගැනලු එයා කලකිරිල ඉන්නෙ... ඒ නිසාම පසුගිය දවසක මුන්නැහේ ආණ්ඩුවෙ යම් කටයුත්තක් ගැන තරමක විවේචනාත්මක අදහසකුත් ප්‍රසිද්ධියෙ ප්‍රකාශ කළාලු...

දේශපාලන රුකියාවක් නොකළට හොඳට මුදල් උපයන්න පුළුවන් රුකියාවක් කලින් කරපු මුන්නැහේ දැන් නැවතත් ඒ ගැන හිතන්න පටන් අරන්ය කියලයි තතු දත් අය කියන්නෙ...