2023 අප්‍රේල් 30 වන ඉරිදා

එයා එක්ක බැරිලු

 2023 අප්‍රේල් 30 වන ඉරිදා, පෙ.ව. 06:00 722

මේ දවස්වල වැඩියෙන්ම ආණ්ඩුව ඇතුළෙන් බැණුම් අහන ආණ්ඩුවෙම කෙනෙක් ඉන්නවලු. බැණුමටත් වඩා බහුතර දෙනෙක් එයාට කැමැතිත් නෑලු. ඒකට හේතුව එයා වැඩ කරන්න දන්නෙ නැති නිසාලු. පළවෙනි පාරට ඇතුළට ආපු මෙයාට එකපාර ලොකු වටිනා ඇමැති සයිස් වැඩක් භාර දුන්නත් එයා තවම ඒ පට්ටමෙන් වැඩක් ඇති වැඩක් කරලා නෑ කියලා ගොඩක් අය රටේ ඉහළ තැන්වලට කියලලු.

මෙයා කැබිනට් එක ඇතුළේ කට ඇරියම කට්ටිය කෙළින්ම කියන්නෙ ''ආ ඇති... ඇති... ඔයාට සිල්ලර කඩයක්වත් පාලනය කරගන්න බෑනේ'' කියලලු. මේ හුටපට නිසා ආණ්ඩුවෙම සමහර අය කියන්නෙ අලුත් තනතුරු මාරුවෙදි මෙයාව එළියෙන් තියන්න කියලලු. හැබැයි ඒක කරන්නත් අමාරුයිලු. ඒකට හේතුව මෙයා පිටිපස්සේ ඉන්න ගම්පහ පැත්තේ කට තියෙන කෙනෙක් මෙයාව රකින නිසාය කියලයි ආරංචි. උන්නැහේ ඉහළම කන්තෝරුවක උපදේශකයෙක් වගේම ආණ්ඩුවෙ බලවතෙක්ලු. එයා මෙයා රකින නිසා උන්නැහේ වැජඹෙන බවයි තතු දත් අය කියන්නෙ.

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00