අවුරුදු බර ගණනක් ලොකු ලියන මහත්තයා තනතුරේ වැඩකරපු සීනුවේ ලියන මහත්තයා එයාගේ තනතුර අත් අරින්න තීරණයක් කරලලු තියෙන්නේ. හේතුව පක්ෂය මොඩර්න් වේගෙන යනකොට වියපත් අය තනතුරුවල ඉන්න එක පක්ෂයට හරි නැති නිසාලු. මේ ගැන වටෙන් පිටෙන් විවේචන එනකොට එයාම තීන්දු කළාලු යන්න.
මේ තනතුරට අලුතෙන් එන්න යන්නේ බිමේ පැලවුණු මලක් වගේ පොරක්ලු. එයාට දැනටම කියලලු ඔයා මේ පට්ටම බාරගන්න ඕන කියලා. එයත් වැඩේට කැමතිලු. ඉතිං ඉදිරියේදී ලොකූ වෙනසක් වෙයි කියලා කියනවා. කොහොම වුණත් මේවා පක්ෂයෙ ඇතුළේ තවම කතාබහ විතරලු.