2023 මැයි 07 වන ඉරිදා

එහේදි එහෙමයි මෙහේදි මෙහෙමයි

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 523

පසුගිය කාලෙ පොහොට්ටු පාටියෙ ඉහළම වගකීමක් දරමින් පක්ෂයේ බරඇදපු එක්තරා ''සිංහ''යෙක් හිටිය. උන්නැහේ කලකට පෙර විප්ලවකාරී දේශපාලනයක් කරල දියවන්නාවටත් ගිය කෙනෙක්....

කොහොමහරි උන්නැහේ කරපු සේවය නිසා එයාට ආණ්ඩුවෙ ආයතනයක සභාපතිකමක් ලැබුණ.

ඒක ටික කලක් කරගෙන ඉන්නකොට එයාට විරුද්ධව බරපතල චෝදනා තිබෙන බව වත්මන් ආණ්ඩුවෙ ඉහළම තැන්වලින් පොහොට්ටුවට පැමිණිලි කළාලු. ඊටපස්සෙ ආණ්ඩුවෙ අය මේ පැමිණිලි විභාග කරල අර පොහොට්ටු ප්‍රබලය දරාපු සභාපතිකමෙන් දොට්ට දැම්මෙ ඔහු වැරදිකාරයන් කියමින්...

හැබැයි ඊට ටික දවසකට පස්සෙ මෙහෙම දූෂිතයි කියල රස්සාවෙන් අස්කළ සභාපතිට ආණ්ඩුවෙම ඉහළ තැනකින් නැවතත් සභාපතිකමක් දෙන්න යෝජනා කළා... ඒ වෙනකොට අර පොහොට්ටු ප්‍රබලය පොහොට්ටුව අතහැරල ආණ්ඩුවෙ ඉහළ තැනකට සෙට්වෙලා කියලත් කතාවක් ගියා.

පොහොට්ටුවටත් මේ කතාව ආරංචි වුණා... ඒක අහල පොහොට්ටු ලොක්කන්ටත් මලපැන්නලු....

තමන්ගෙ පක්ෂයේ හිටපු දක්ෂ මිනිහ දූෂිතයෙක් කියල අයින් කරල මාස දෙක තුනකින් පක්ෂය මාරු කරවල ආයෙමත් තනතුරක් දෙන්න යෑම ගැනයි පොහොට්ටු ලොක්කන්ට කේන්ති ගියේ.

ඒ පාර පොහොට්ටු ප්‍රබලයෙක් ආණ්ඩුවෙ ඉහළම තැනකට කතා කරල මේ කරපු වැඩේ ගැන දැඩි විරෝධයක් පළකළා. මේ විරෝධය කොච්චර සැරට පළකළාද කියනව නම් ඒ හින්දම හිටපු පොහොට්ටු ප්‍රබලයට පට්ටමක් දෙන්න ගත්ත තීන්දුව හුටස් ගාල නැවැත්තුව කියලත් ආරංචියි...

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00