පහුගිය දවසක දුරකථන පාටියේ ලොකු නෝන කෙනෙක් වෙනුවෙන් කරපු උද්ඝෝෂණයක් හේතුවෙන් පක්ෂය ඇතුළේ ලොකු කලබැගෑනියක් සිද්ධ වුණාලු. පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ තැන් තැන්වල කතා වුණාලු වනිතා ඒකකයේ පිරිසක් උද්ඝෝෂණවලට යැව්වේ කවුද කියලා.
කොහොම වුණත් පක්ෂයේ කාන්තා සංවිධාන එක එක උදවිය වෙනුවෙන් උද්ඝෝෂණවලට වෙන් කරන එක නම් එච්චර හොඳ දෙයක් නෙමේ කියලයි හැමෝම කතා වුණේ. මොකද ඒක අර්බුදයක් වෙන්න පුළුවන් නිසා. පක්ෂයේ ලොකු නෝනලට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා උසාවි ගිහින් විසඳගන්නේ නැතුව පක්ෂයේ එක එක අය යොදාගන්න එක ගැන හැමෝම ඉදිරියේ ලොකු තැනට කියන්නලු ඉන්නේ. පසුව මේ ගැන හොයලා බලද්දි දැනගන්න ලැබුණලු මේ වනිතා ඒකකයේ කට්ටිය ගිහින් තියෙන්නේ පක්ෂයේ ලොකුම නෝන කෙනෙක්ගෙ දැනුවත්කම උඩ කියලා.