ආණ්ඩුව ඇතුළේ ලොකූ ප්‍රශ්නයක්ලු. ලොකු තැන්වලට තමයිලු මේ ප්‍රශ්නය දැනිල තියෙන්නෙ. ආණ්ඩුවෙන් කරන වැඩ කටයුතු හරියටම ජනතාව අතරට ප්‍රචාරය වෙන්නේ නැතිවීමයි ප්‍රශ්නයට මුල. ඉතින් වහාම මේ ගැන හොයන්න කියලා ලොකු තැන හැමදෙනාටම කිව්වලු. මොකද ආණ්ඩුව කරන හොඳ දේවල් එළියට නොයා ආණ්ඩුවේ නැති අඩුපාඩු පෙන්නන එක ගැන ආණ්ඩුවේ ලොකු අය මාර අප්සෙට් එකේලු ඉන්නෙ.
වෙන ආණ්ඩු තමන්ගෙ ප්‍රතිරූපය හදාගන්න නැති දේවල් උලුප්පද්දි මේ ආණ්ඩුව රට අගාධයෙන් බේරගත්ත එක ගැනවත් අඩුම තරමේ ආණ්ඩුවේ අය ප්‍රසිද්ධියේ කතා කරන්නේ නෑ කියලා දොස්ලු. ඒ නිසා මෙහෙම ගියොත් ආණ්ඩුවට තවත් ඉස්සරහට යන්න අමාරු වෙන නිසා වහාම ඒ ඒ අමාත්‍යංශ මැදිහත් වෙලා තමන් කරන කරපු දේවල්වලට ලොකු ප්‍රචාරයක් දීලා ජනතාව ළඟට අරන් යන්න කියලා ලොකු තැන හැමෝටම දැනුම් දුන්නලු. කොහොම වුණත් ඇතුළේ කතාව යන්නේ මේ ළඟ ඡන්දයක් එන්නයි හදන්නෙ කියලයි.