පහුගිය කාලයේ පළා බබාලගේ ඡන්දය කල් දැම්මා කියලා පක්ෂ විපක්ෂ අයගෙන් බැණුම් අහපු ඇමැති කෙනෙක්ලු මෙයා. හැබැයි උන්නැහේ පොදු අපේක්ෂක සටනට පරණ ලොක්කව අතඇරලා ආපු කෙනෙක් නිසා ගොඩක් දෙනෙක් හිතුවේ දැන් ඉන්න ලොක්කගේ දකුණු අත වගෙයි කියලා. එයත් එහෙමලු හිතන් හිටියේ.
කොහොම හරි පහුගිය දවසක අත පාටියෙ රැස්වීමක් පැවැත්වුණාලු. රටේ ලොකු තැනගේ ප්රධානත්වයෙන්. ඒකෙදි කට්ටිය ඉස්සරහා මේ ඇමැති උන්නැහේ නැගිටලා බල සේනාවට බණින්න ගත්තලු රටේ ප්රශ්න ඇති කරනවා මොකක් හරි දෙයක් කරලා දෙන්න සර් කියලා.
ඒ වෙලාවේ මහ තැනගෙ කෝපය ඇවිස්සුණා. කට්ටිය ඉස්සරහාම කිව්වලු හැමදේම මට උස්සන් එන්න එපා, රටේ පොලිස්පති කෙනෙක් ඉන්නවා, නීතිය භාර ඇමැති කෙනෙක් ඉන්නවා, තවත් ලොක්කො ඉන්නවා. අන්න එයාලට කියන්න කියලා. එයාලගෙන් වැඩේ වුණේ නැත්තන් තමන් ගාවට එන්න කිව්වලු. එහෙම නැතුව හැම කේළමම මට කියන්න එපා කියලා ලොක්කා කට්ටිය ඉස්සර දකුණු අතට දෙහි කැපුවා කියලයි ආරංචිය.