අත පාටියේ ගලවගෙන ගිය සැට් එකක් ආයේ එකතු වෙන්න යන කතාව පහුගිය ටිකේ ඇහුණනෙ. ඒක ඇත්තටම වෙන්න යන්නෙ. හැබැයි ඒක වෙන්නෙ අමුතු විදියකටලු. ආණ්ඩුවේ ඉන්න අත පාටියේ කට්ටිය මහ පක්ෂයට එකතු වුණාට කිසිම කෙනෙක් ආණ්ඩුවේ තනතුරු අතහරින්නෙ නෑලු. ඒ තනතුරු පිටින්මලු එකතු වෙන්නෙ.
එහෙම එකතුවෙන කට්ටිය හෙමිහිට ටික දවසක් ගිහිල්ලා අත පාටියේ ඉන්න අයට ආරාධනා කරනවලු ආණ්ඩුවට එකතු වෙන්න කියලා. ඉතින් ඒ කට්ටියත් අවසානයේ රටේ ලොකු තැනගේ දෑත් ශක්තිමත් කරන්න යනවලු. ඒ යන්න හදන්නෙ පක්ෂයක් හැටියට. ආරංචි හැටියට ඉදිරියේ එන රටේ ලොකු තැන තෝරන වැඩේට කලින්ම ගිහින් අත ගහන්නලු මේගොල්ල හදන්නෙ. හැබැයි මේ වැඩේ ආණ්ඩුවෙන් ඇවිත් පක්ෂයට ප්ලාන්ට් වෙන අයගෙ ප්ලෑන් එකක්ලු.