කාලයක් රට පාලනය කරපු පවුලක ලොකු පුතෙක් මේ වෙද්දී ආණ්ඩුවට එරෙහිව ටිකක් සැර ප්‍රකාශ දෙනවලු. ඒකට හේතුව එයාලා ජනතාවට කළ ගොඩක් දේවල් එක පිට එක මේ ආණ්ඩුව රිවස් කරන නිසාලු. කොහොම වුණත් මෙයා එක්කම කාලා බීලා එකට හිටිය එයාගෙම අය කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් තැන් තැන්වල කුටු කුටු ගානවලු මෙයා මේ මොකක්ද කරන්නේ කියලා.
කොහොම වුණත් ආරංචි හැටියට අර ලොකු පුතා ආණ්ඩුවෙන් සමෘද්ධිය කපපු එකට විරුද්ධව ලොකු සටනක් දෙන්නලු යන්නෙ. එයා මේ වැඩේට මිනිස්සු එක්ක සටනක් දෙන්න යන්නෙ කියලා ආරංචි වෙලාලු ආණ්ඩුවටත්.
කොහොම වුණත් මෙයාගේ වැඩේ ෂේප් කරන්න කියලා ආණ්ඩුවෙන් කට්ටියක් යොදවල ඉන්න බවත් ආරංචියි. නමුත් එයා තමන් විපක්ෂයෙ වාඩිවෙනතුරු සටන ගෙනියනවය කියල තැන් තැන්වල් කියනවලු.