පොහොට්ටු පක්ෂයෙ ලොක්කෙක් හැටියට කාලයක් වැජඹුණු ඒත් පස්සෙ කාලෙ පොහොට්ටුවත් එක්ක විරසක වුණ දෙතුන් දෙනෙක් අලුත් දේශපාලන සංවිධානයක් හදන්නලු යන්නෙ....
මෙයාල පොහොට්ටුව එක්ක ඇයි හොඳයිකම් නැවැත්තුවට පස්සෙ ආණ්ඩුවෙ ඉහළම තැන්වලට සෙට්වෙලා හිටපු අය බව හැමෝම දන්නව. ඒත් එයාල ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණ. පිළිගැනීම ලැබුණෙ නැහැ. ඒ හින්ද මේ කස්ටිය දැන් වෙනම පක්ෂ සංවිධානයක් හදාගෙන දේශපාලන පොරපිටියට බහින්නලු යන්නෙ...
මේ කස්ටිය අතරෙ ඉන්න ප්රධානිය ගම්පහ දිසාවෙ මීගොමුව පැත්තෙන් ආපු මහත්තයෙක්ලු.
තවත් එයාට සැට්වෙලා ඉන්න මිණිපුරේ පැත්තෙ නිලමෙ කෙනෙකුත් ඉන්නව... ඊළඟට කලක් විප්ලවීය දේශපාලනයක් කරපු ඉස්සර පොහොට්ටුවටත් ලොකු සේවයක් කරපු අමර - සිංහ කෙනෙකුත් ඉන්න බවයි තතු දත් අය කියන්නෙ.
මේ ගොල්ලො එකතුවෙලා හදන්න යන සංවිධානෙට තවම නමක් ගමක් කාරිය දාල නැහැ. ඒත් මේ සංවිධානෙ ඉන්න ප්රබලයෙක් පොහොට්ටුවෙ ඉහළම ලොක්කෙකුට රහසින් කතා කරල කරන්න යන වැඩේ ගැන දැනුවත් කළ බවයි ආරංචි.... මේ හිටපු පොහොට්ටු ලොක්කන්ගෙ සංවිධානෙ හරි ගියොත් ඒක දැන් ඉන්න රටේ ලොකු මහත්තයට ඡන්දයකදී සහය දෙන්නලු කල්පනාව.