මැතිසබේදි අඩුම වෙලාවක් කතා කරල වැඩිම ප්‍රචාරයක් ලබාගන්න මහත්තුරු දෙන්නෙක් ඉන්නවය කියල පසුගිය දවසක මැතිසබා ලොබියෙදි කතා වුණා. සමහරු පැය ගණනක් කතා කළත් ඒ කතාවල තිබෙන අපභ්‍රංසය නිසා කාටවත් තේරෙන්නෙ නැතිලු. ඒ නිසා ප්‍රචාරයකුත් නැතිලු.
කොහොම වුණත් වැඩිම ප්‍රචාරයක් ලබන එක රාජ්‍ය මට්ටමේ ඇමැති කෙනෙක් ඉන්නව.. උන්නැහේ එන්නෙ ඌව පළාතෙන්ලු. මැතිසබේ කථික ලැයිස්තුව හදනකොට හැමදාම අනේ මටත් මිනිත්තු දෙකක් දෙන්න කියලලු මුන්නැහේ වෙලාව ඉල්ලන්නෙ... ඉතින් මිනිත්තු දෙකක් දෙන්න බැරි නිසා මිනිත්තු 5 ක් එයාට දෙනව...
ඒ මිනිත්තු පහ තුළ උන්නැහේ ජනතාවගෙ බොක්කට විදින කතාවක් කරනව. ඒකට මාර පබ්ලිසිටියකුත් ලැබෙනව... ඒ වගේම ප්‍රචාරය ලැබෙන තවත් මන්ත්‍රී සයිස් මහත්තයෙක් ආණ්ඩු පැත්තෙ ඉන්නව. උන්නැහේ එන්නෙ මීගමු පැත්තෙන්ලු. එයත් අඹ ගහට පොලු ගහන්න වගේ කතා කරනව. ඒකට හොඳ ප්‍රචාරයකුත් ලැබෙනව..
නමුත් මට මිනිත්තු 45 ක් නැත්නම් පැයක් කතා කරන්න ඕනය කියල සටන් කරන සමහර ඇමැති සයිස් මහත්තුරු කොච්චර කතා කළත් ප්‍රචාරයක් ලැබෙන්නෙ නැහැල්ලු. ඒකට හේතුව උන්නැහේලගෙ කතා කාටවත් නොතේරීමයි. ඉතින් මැතිසබේ මේ ප්‍රචාරක කතා ගැන ලොබියෙ කතා කළේ විපක්ෂයෙ මන්ත්‍රීවරු කස්ටියක් වීමත් විශේෂයි.