2023 ජුලි 15 වන සෙනසුරාදා

ටැලිෆෝනයෙන් පට්ටමක් ගැලවෙයි

 2023 ජුලි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00 632

දුරකථන පාටියේ ඇතැම් ඉහළ තනතුරුවලින් වැඩක් සිද්ධ වෙන්නෙ නෑ කියලා ඇතුළේ කීප දෙනකුගෙන් එක එක චෝදනාලු. මේ ගැන ඒ කීපදෙනා පහුගිය ටිකේම උඩ තැන්වලට පැමිණිලි කරාලු. කොහොමහරි ඇතැම් තනතුරු දරණ අය දාන සද්දත් දිරවන්නේ නෑ කියලා ඒ අය චෝදනා කරාලු.

කොහොම වුණත් හොයාගෙන යද්දී ඒ ලැයිස්තුවේ උඩම ඉන්නේ විරුවෙක් වගේ අණ දෙන කෙනෙක්ලු. එයාටලු මුලින්ම මේ බාල්දිය පෙරළන්න හදන්නේ. පක්ෂයේ අය නොකියා කියන්නේ එයා ජනාධිපති හීනයක ඉන්න නිසා උන්නැහේ දරන තනතුර මාරු කරන්න කියලයි. හැබැයි කවුරුත් නොකිව්වට ඇත්තටම එයාගෙ වැඩ ගැන හැමෝම විරුද්ධත්වයක් දන්වනවලු. කොහොමහරි ළගදි කියන්න නියමිත මහා රැස්වීමකදි එයා දරන පට්ටම ගලවල වෙන කෙනෙකුව ඒ තනතුරට යෝජනා කරන්නලු කට්ටිය සූදානම් වෙන්නේ. මේක ලොකූ ප්‍රශ්නයක් වෙයි කියලා හැමෝම කතා වුණාලු.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00