2023 ජුලි 22 වන සෙනසුරාදා

පත්වීමට කොක්කක්

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 517


ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් පහුගිය කාලේ පිහිටවපු සභාවක් තියෙනවා. ඒකේ ඉන්නේ ක්‍රීඩා අංශ ප්‍රවීණයොයි, ත්‍රිවිධ හමුදාවේ ලොක්කොයි, පොලිස්පතියි වගේ රටේ ඉහළ පෙළේ සාමාජිකයොලු. මේකට සාමාජිකයෝ පත් කරන්නේ ක්‍රීඩා ඇමැති. ඉතින් පසුගියදා පොලිස්පති විශ්‍රාම ගිහින් නැවත වැඩ බලන පොලිස්පති හැටියට පත්වුණායින් පස්සේ ඒ සභාවේ සාමාජිකත්වයට වැඩ බලන පොලිස්පතිව පත් කරලා පත්වීම් ලිපිය යැව්වලු ක්‍රීඩා ඇමැති. මේක ආරංචි වුණාලු රටේ ආරක්ෂාවත් පොලිසියේ වැඩත් බාරව ඉන්න දේශපාලනඥයෙක්ට. එයාට මේ පත්වීමට යකා වැහුණලු.

එයා කෙළින්ම ගත්තලු ක්‍රීඩා පත්වීම් දුන්න ලොකු කෙනාට. අරන් කිව්වලු එයාගෙන් අහන්නේ නැතුව ඇයි ඒ පත්වීම දුන්නේ කියලා. ජ්‍යෙෂ්ඨ ලීලාවෙන් සද්දේ දැම්මේ ක්‍රීඩා ලොක්කව ටිකක් පහළට දාලා. මේකට ක්‍රීඩා ලොක්කට යකා නැගලා බැන්නලු ජ්‍යෙෂ්ඨකම් පැත්තකින් තියලා "ඔයා ඔයාගේ වැඩක් කරගන්න, මම මගේ වැඩක් බලාගන්නම්" කියලා. නොහිතපු දෙයක් අහගත්‍ත ඒ දේශපාලකතුමා ඉබේම නිහඬ වුණාලු.

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00