2023 ජුලි 22 වන සෙනසුරාදා

ඒක කරන්න මට බැහැ

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 825

ඌව පළාතෙ ආන්දෝලනාත්මක වැඩ කරන එක්තරා දේශපාලුතුමෙක් පළාතෙ රාජ්‍ය නිලධාරින්ට අලුත් නීතියක් දාලලු.

ඒ පළාතෙ ආණ්ඩුවෙ තක්සේරුවකට කවුරුහරි පත්වෙලා ආවොත් මුලින්ම ඇවිත් මේ කියන ඇමැති හමුවෙන්න කියන එකයි ඒ නීතිය.

උන්නැහෙ මේ නීතිය කඩ කරන අයට එයාගෙ වැයික්කියෙ රාජකාරි කරන්න බැහැ කියලත් කියන බවයි ආරංචි.  ඉතින් පසුගිය දවසක පළාතෙ අධ්‍යාපන වැඩ බලන්න ලොක්කෙක් කොළඹින් පත් කළා. උන්නැහේ ඒ පළාතෙ රාජකාරි භාරගන්න ගියාම අර ඇමැති නියෝගය එයාටත් දැනුම් දුන්නා. ඒත් නීතියට වැඩ කරන නීතිගරුක නිලධාරියකු වන එයා ඇමැති හමුවීම ප්‍රතික්ෂේප කළාලු. ඊටපස්සෙ එයාට නොයෙක් කොකු වැටෙන්න යන බව දැනගන්න හම්බවුණා.. 

ඒ හින්ද දැන් මේ නීතිගරුක නිලධාරිතුමා ඇමැතිට කුද ගහගන්න කියල වෙන පළාතකට මාරුවක් අරන් යන්න සූදානම් වෙනවලු...