2023 ජුලි 22 වන සෙනසුරාදා

කොළඹින් තරගයට එන අලුත් මුහුණක්

 2023 ජුලි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 749

හිටපු නායක ගෝඨා උන්නැහේගෙ කාර්ය මණ්ඩලේ දැනට ඉන්න ඉහළම නිලයක් දරන කෙනෙක් ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමක් සමඟ ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න යනවලු.

උන්නැහේ පසුගිය කාලෙ පොහොට්ටු කස්ටිය එක්ක හොඳින් ඉඳල ඒ පැත්තෙන් ඡන්දයට වරම් ඉල්ලුවත් එතැනින් සුහද ප්‍රතිචාරයක් නැති නිසා මේ තීරණය ගත්ත බවයි තතු දත් ආරංචි මාර්ග කියන්නෙ.

අදටත් හිටපු ලොකු තැනගෙ සියලුම කටයුතු බලා කියාගෙන ඉන්න මුන්නැහේ රාජපක්ෂ පරපුරේ ඥාති බණ්ඩාර කෙනෙක් බවත් ආරංචියි. 

තවදුරටත් කියැවෙන විදියට උන්නැහේ එකතු වෙන්න යන්නෙ ලන්සා පිලටලු. තරග කරන්නෙ කොළඹින් කියලයි දැනට කියැවෙන්නෙ.