2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා

කඩවුණු පොරොන්දුවක්!

 2023 සැප්තැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 547

විපක්ෂයේ දුරකථන පාටියේ ඉඳලා ආණ්ඩුවට ආපු බදුල්ලේ පැත්තේ ඉන්න දමිළ මන්ත්‍රී කෙනෙක්ගෙන් කාලයක්ම බදුල්ලේ පැත්තේ හිටිය දැන් බස්නාහිර පළාතට ආපු ඇමැති කෙනෙක්ට මේ දවස්වල පුදුම වදයක්ලු. වේල් කරත්තෙ වගේ පස්සෙන්ම එනවලු. ඒ පොරොන්දුවක් ඉෂ්ට කරන්න කියලලු. මොකද අර මන්ත්‍රී විපක්ෂයේ ඉඳලා ආණ්ඩුවට ආවේ මේ ඇමතිතුමා දුන්න පොරොන්දුවක් නිසාලු. ඒ පොරොන්දුව තමයි එයාට ඇමැති පට්ටමක් දෙනවා කියන එක.

කොහොම හරි දැන් ඒක ඉල්ල ඉල්ල නහයෙන් අඬනවලු. ඒත් ඇමැතිතුමාට මේ ගැන කරන්න දෙයකුත් නෑලු. රටේ ලොකු තැනට කිව්වට ගණන් ගන්නෙත් නෑලු. කොහොම වුණත් ළඟදිම මේ මන්ත්‍රීතුමා මාධ්‍ය අමතලා හැමදේම කියන්නලු ඉන්නේ. රෙදි ගලවන්නලු යන්නේ. හැබැයි එහෙම කළොත් එයාට අල්ලපු අත්තත් නැතිවෙලා පය ගහපු අත්තත් නැතිවෙන්න පුළුවන් කියලත් කියවෙනවා.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00