2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා

කරණමකට සැරසෙන රැඩිකල්....

 2023 සැප්තැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 710

මේ කතාව එක්තරා රැඩිකල් පක්ෂ නායකයෙක් ගැනයි... උන්නැහේ මෑත ඉතිහාසයේ ලංකාවේ ඡන්ද වේදිකා දෙවනත් කළ රට දැය ගැන කතා කරන කෙනෙක්.

නමුත් උන්නැහේ දියවන්නාවට ඇවිල්ල ගත වෙච්ච අවුරුදු 20ක විතර කාලෙ තුළ පක්ෂ ගණනාවක හිටපු වීරයෙක් කිව්වොත් නිවැරදියි. 

එයා පටන් ගත්තා තදම තද රතු පාටින්... ඊළඟට නිල්පාට සන්ධානෙක හිටිය. ඊළඟට දුඹුරු පාට සන්ධානෙක හිටිය... එහෙම සන්ධාන ගතවුණෙත් පක්ෂ ගණනාවක් හරහා...

කොහොම හරි තමුන්ගෙ පට්ටම්වලට තට්ටුවෙලා නිකම්ම මන්ත්‍රී වුණාට පස්සෙ මෙතෙක් කල් හිටියෙ පාවෙවී....

ඒ වුණත් ළඟදි ඡන්දයක් එන ආරංචිය තියෙන නිසා කොහොට හරි සැට්වෙන්න එයාට සිද්ධවෙන තැනට වැඩ යෙදුන... පසුගිය කාලෙ හැමතැනම හිටපු නිසා මේ දෑ හිතකාමී නායකයාට අලුත් නවාතැනක් සොයාගන්න සිද්ධ වුණාලු...

ඒ පාර එයා බැලුවෙ කලක් ඒගොල්ල පතුරු ගහපු කොළපාට දිහා. ඔන්න ඉතින් ඒ අනුව පසුගිය දවසක මේ රුඩිකල් දේශපාලුතුමා කොළපාට කණ්ඩායමේ ඉහළම හා ප්‍රබලම කෙනෙක් හමුවුණාලු.

මේ හමුව පැයක් විතර තිබුණ බවත් ආරංචියි... හැබැයි වැඩි විස්තර එළියට එන්නෙ නැත්තෙ ඒකට සහභාගි වුණේ කොළපාට ලොක්කයි මෙයයි විතරක් නිසාලු. කොහොම නමුත් මේක තවත් දේශපාලන කරණමක ආරම්භයක් විය හැකි බව තතු දත් අය කියනව.

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00