පක්ෂ මාරු නඩු තීන්දුවෙන් පස්සෙ ආණ්ඩුවෙ ඉන්න පක්ෂ පාට මාරුකරපු අයගෙ පපුව දැන් ඩිග් ඩිග් ගාල ගැහෙන්න පටන් අරන් කියල තතු දත් අය කියනව... මෙහෙම ඉන්න ආණ්ඩුවෙන් පක්ෂයට පැනපු සැට් එකේ දකුණු පළාතේ අග නගරෙ හැටියට සැලකෙන දිස්ත්රික්කෙන් ආපු මහත්තයකුත් ඉන්නවලු...
උන්නැහේ ආණ්ඩුවෙන් විපක්ෂයට ගිහිල්ල ආසන සංවිධායක පදවියකුත් ගත්ත ලක්සෙට කොඩි දාපු වීරයෙක් කියලයි ආරංචි. පසුගිය කාලෙම මෙයා විපක්ෂයේ ඉඳන් ආණ්ඩුවට තදින් පහර දුන්නත් මුකුත්ම විනය පියවරක් ගත්තෙ නැහැ. ඒත් මේ නඩු තීන්දුවෙන් පස්සෙ පොහොට්ටු කන්තෝරුවෙ ඒ ගැන සාකච්ඡාවක් තිබ්බලු...
ඒ බව ආරංචි වෙච්ච මේ දකුණු ලකේ මන්ත්රීතුමා පොහොට්ටුවෙ ප්රධාන තනතුරක් දරන කෙනකුට හිටු කියල දුරකතන ඇමතුම් දෙන්න පටන් අරන්ලු. ඒ වගේම දියවන්නා කන්තෝරුවෙදිත් හමුවෙලා ඇඟඇලුම්පාන්න පටන් අරන් බවයි ආරංචි. එහෙම කතා කරන ගමන් හෙමින්ම අහන්නෙ ඔයාල අපට විනය පියවර ගන්න යනවද කියලලු.
ඒත් මේ ගැන විමසන හැම වෙලාවකම පොහොට්ටු ලොක්ක පිළිතුරක් නොදී සිනාහවෙලා මාරුවෙන්න පටන් අරන්... ඒ හින්ද මේ මන්ත්රී තැන තවත් අවුල් ගිහිල්ල කියලයි ආරංචි. ඒත් අන්තිමේදි එයා ලිඛිතවම තමන්ගේ නිර්දෝෂභාවය ගැන කරුණු දැක්වූ බවත් ආරංචියි.