2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා

පුටුව අහිමිවූ හැටි

 2023 ඔක්තෝබර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:00 606

අලි පාටියෙ සංවත්සරේ මහ ඉහළින් සරුසාර විදියට තිබුණා... මේ සංවත්සරේට කලින් බොහොම වේගයෙන් පැතිරුණු කතාවකින් කියැවුණේ අලි පාටියෙ මහ ලියන මහත්තය වන රංගේ පුටුවෙන් අයින්වෙලා කොළඹ හිරුට ඒක පවරනව කියලයි. 

ඔහොම කතාව ගියේ නිකම්ම නෙවෙයි. මේ පුටුව තමන්ට ලැබෙන්න ඕනමයි කියල නිතර නිතර හිරු ඇවිටිලි කරපු නිසයි. කොහොම නමුත් මහ සංවත්සරේ දවසෙ ඒ තනතුර තියා පක්ෂයෙ වෙන කිසිම තනතුරක් වෙනස් වුණේ නැහැ... හිරු හිටියෙත් සෑහෙන කලකිරීමෙන් වගෙයි පෙනුණෙ... හිරුට මේ පට්ටම නොලැබුණේ පක්ෂයෙ නායකත්වය අලුතින් පනවපු නීතියක් නිසාලු...

ඒ අනුව යම් කෙනෙක් පක්ෂයෙ මහ ලියන මහත්තය පුටුවෙ වාඩිවෙලා ඒ කටයුතු බලා කියාගන්නව නම් එයාට මැතිවරණ තරග කිරීම තහනම්ලු. ඉතින් හිරුට මේ නීතිය නිසා ඔය පට්ටම ගත්තොත් කොළඹින් ඡන්දය ඉල්ලන්න බැරිවෙනව. ඒ හින්ද මහලේකම් පුටුවට වඩා ඡන්දයට තරග කිරීම හිරු තෝරාගත්තලු... හැබැයි අවසන් මොහොතේ මෑතක පාටියෙ නොතිබුණු අතීතයෙ තිබුණු නීතියක් ක්‍රියාත්මක කිරීම ගැන නම් හිරු ඉන්නෙ මල පැනල බවයි ආරංචි. 

 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 02:00