පහුගියදා සිද්ධවුණු ඇමැති පට්ටම් මාරුව නිසා ගොඩක් අය කලකිරීමෙන්ලු ඉන්නේ. හේතුව මට ලැබෙයි මට ලැබෙයි කියල හිතන් හිටිය කිසිම කෙනෙක්ට තනතුරු ලැබුණෙ නැති නිසා. කොහොම වුණත් වැඩියෙන්ම කලකිරිලා ඉන්නෙ පොහොට්ටු උදවියයි. ඒ අතරිනුත් වැඩි වැඩියෙන්ම කලකිරුණු කෙනෙක් ඉන්නවලු. ඒ කෑගල්ල පැත්තේ කෙනෙක්. තාත්තත් මහා ඇමැති පට්ටම් දැරුව එකේ මෙයා දරන්නේ තවම පොඩි පට්ටමක්ලු.
කොහොම හරි පට්ටම් මාරුවුණු වෙලාවේ එයාගෙම පළාතේ ඇඹුල් ගහක නමක් තියෙන කෙනෙක්ට තියෙන පට්ටමට අමතරව තවත් ටිකක් ලොකු පට්ටමක් ලැබුණලු. මේක මෙයා බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයිලු. කොහොම හරි හරිම කලකිරීමට පත්වුණු මෙයාගේ හිත හදන්න එයාගේ තාත්තා ඇමැතුමක් දුන්නලු රටේ ලොකු තැනට. අරන් ඇහුවලු &ඇයි සර් එහෙම කළේ...?* කියලා. ඒත් සර් නෙමෙයිලු ඒක ගණන් ගත්තේ. කොහොම වුණත් දැන් මේ සිද්ධියත් පොහොට්ටුවට දාපු කැපිල්ලක් කියලලු තාත්තයි පුතයි හම්බවෙන අයට කියන්නේ.